26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි දිගටම ශ්‍රී ලංකාවට සහය දෙනවා - චීනය

අපි දිගටම ශ්‍රී ලංකාවට සහය දෙනවා – චීනය

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට චීනය සූදානමින් පසුවන බව චීන විදේශ අමාත්‍ය Qin Gang පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (25) චීනයේ බීජිං අගනුවරදී විදේශ අමාත්‍ය අලි සබ්රි හමු වූ අවස්ථාවේදීය.

චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට හැකි උපරිමයෙන් අඛණ්ඩව සහය ලබා දෙන බවයි එහිදී චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

චීනය ශ්‍රේෂ්ඨ මිතුරෙකු සහ සංවර්ධනයේ වැදගත් හවුල්කරුවෙකු බව පවසමින් ප්‍රශංසා කර ඇති අලි සබ්රි, ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන වටිනා සහයෝගය පිළිබඳව චීනයට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කර තිබේ.