32 C
Colombo
Monday, May 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රමාදය නිසා රැකියා අහිමි වූ ලාංකිකයින් 52 දෙනා කොරියාවට

ප්‍රමාදය නිසා රැකියා අහිමි වූ ලාංකිකයින් 52 දෙනා කොරියාවට

පසුගිය 20 වැනිදා ගුවන් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිවූ රැකියාලාභීන් 52 දෙනා ඊයේ (25) එරට බලා පිටත්ව ගොස් තිබේ.

එම ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් මෙම 52 දෙනාට හිමිව තිබූ රැකියා අවස්ථාද නොලැබී යාමේ අවදානමක් පැවතිණි.

කෙසේනමුත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා සිදුකර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ඊයේ යළි දකුණු කොරියාව බලා පිටත්ව යාමට අවස්ථාව ලැබී ඇත.