28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කිරිම ඔහුට ඇති චෝදනාවයි

පානළුව ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු කඳවුරට අනුයුක්තව සේවයකරන ලුතිතන් කර්නල් වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවසේ විදුලිය බිල්පත් නොගෙවා තිබීම හේතුවෙන් දිවුලපිටිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් දිවුලපිටිය පිහිටි නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගොස් ඇති අතර

එම පිරිස විදුලිය විසන්ධි කිරීමට සූදානම් වෙද්දී එම නිවසේ හිමිකරු බව කියන ලුතිතන් කර්නල් වරයා විදුලිබල මණ්ඩල සේවකයනට බැන තර්ජනය කිරීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලේ සදහන් බවයි පොලිසිය පැවසුවේ