― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කිරිම ඔහුට ඇති චෝදනාවයි

පානළුව ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු කඳවුරට අනුයුක්තව සේවයකරන ලුතිතන් කර්නල් වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවසේ විදුලිය බිල්පත් නොගෙවා තිබීම හේතුවෙන් දිවුලපිටිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් දිවුලපිටිය පිහිටි නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගොස් ඇති අතර

එම පිරිස විදුලිය විසන්ධි කිරීමට සූදානම් වෙද්දී එම නිවසේ හිමිකරු බව කියන ලුතිතන් කර්නල් වරයා විදුලිබල මණ්ඩල සේවකයනට බැන තර්ජනය කිරීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලේ සදහන් බවයි පොලිසිය පැවසුවේ