― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගිනිගත්හේන - නෝටන්බ්‍රිජ් මාර්ගයේ ගමනාගමනයට බාධා

ගිනිගත්හේන – නෝටන්බ්‍රිජ් මාර්ගයේ ගමනාගමනයට බාධා

ගිනිගත්හේන – නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගල්, ගස් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට ඇති බව අප වාර්තාකරු පැවසීය.

පොලීසිය පවසන්නේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයට අද (27) අලුයම ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ මෙලෙස ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට ගල් ගස් සමඟ පස් කන්දක් කඩා වැටී රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවනය කරන සියලුම වාහන හැටන් හරහා ධාවනය කරන ලෙසයි.

එමෙන්ම ඇදහැලෙම අධික වර්ෂාව සමඟ හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවලට සහ අතුරු මාර්ගවලට පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින බවත්, එම මාර්ග ලිස්සනසුළු බැවින් රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරන ලෙසත් නෝටන්බ්‍රිජ් පොලිසිය රිදියදුරන්ගෙන් ඉල්ලයි.