25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 11ක රත්තරන් ගුවන්තොටේදී රේගු භාරයට

කෝටි 11ක රත්තරන් ගුවන්තොටේදී රේගු භාරයට

රුපියල් කෝටි 11කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 5.650 ක් සමඟ මගීන් පස් දෙනෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ කළ හදිසි සෝදිසියකදී මෙම රත්තරන් තොගය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ.

චෙන්නායි බලා පිටත්ව යෑමට සූදානම් වූ මෙම මගීන් පස්දෙනා සන්තකයේ තිබී ජෙල් ආකාරයෙන් සකස් කළ කරල් 15ක් සොයාගත් බවත් එහි සම්පූර්ණ බර ග්‍රෑම් 5650 ක් මෙන්ම ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 107ක් බවත් රේගුව සඳහන් කළේය.

වැඩිදුර විමෑශනවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බවයි.