― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයේ සහල් මෙරට වගා කරන්නැයි ඉල්ලීමක්

චීනයේ සහල් මෙරට වගා කරන්නැයි ඉල්ලීමක්

මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ජනයාට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයෙන් ඉල්ලා තිබේ.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ඉහළ අස්වැන්නක් සහිත සහල් වර්ග හඳුන්වා දීම තුළින් මෙම කාර්ය ඉටුකර ගැනීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි. ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් වෙනුවෙන් චීනයෙන් සෘජු ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බවයි.

අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. නව ආයෝජන ව්‍යාපෘති, චීනය සමග වෙළෙඳාම පුළුල් කිරීම, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික හුවමාරු, ඉහළ පෙළේ සබඳතා සහ අඩු වරප්‍රසාද ලත් අයට ආධාර ලබා දීම සම්බන්ධ කරුණු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණයට ලක්ව තිබෙනවා.

දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව ද චීන තානාපතිවරයා පැවසීය.

මෙහිදී ඔහු චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද ප්‍රකාශ කර සිටියා.