― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහඟුරන්කෙත කැලඹූ සිද්ධියට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

හඟුරන්කෙත කැලඹූ සිද්ධියට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බරපතළ තුවාල ලැබූ තරුණයා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 25 වැනිදා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගගොස් ඇති වූ ගැටුමකදී එම තරුණයා තුවාල ලබා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකාර කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද දිනයේ අනෙකුත් සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පහරදිමේ සිද්ධියට අදාළව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගත් බව කියමින් පිරිසක් කළහකාරි ලෙස හැසිරෙමින් ඊයේ රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණ.

එම අවස්ථාවේදි කළහකාරි ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබීමට ද පියවර ගෙන තිබිණ.

මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් පිරිස කළහකාරි ලෙස හැසිරී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.