30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාපනයේ කැළෑවකින් ජෙලට්නයිට් කූරු හමුවෙයි

යාපනයේ කැළෑවකින් ජෙලට්නයිට් කූරු හමුවෙයි

යාපනය, චාවකච්චේරි, මරවනපුලව් වෙරළ ප්‍රදේශයේ තිබී ජෙලට්නයිට් කූරු 29ක් ඊයේ (27) සවස සොයාගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුධ හමුදා බුද්ධි නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ ජෙලට්නයිට් කූරු සොයාගත් බවයි. කිසියම් පුද්ගලයෙකු නීති විරෝධි මසුන් මැරීමට යොදා ගැනීම වෙනුවෙන් අදාළ ජෙලට්නයිට් කූරු ගෙනැවිත් සඟවා තබන්නට ඇති බව ආරක්ෂක අංශ සැක පළ කරති.

අත්අඩංගුවට ගත් ජෙලට්නයිට් කූරු චාවකච්චේරි අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් විනාශ කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.