― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමියගිය කොටි පැටවෙකුගේ සිරුරක් හමුවෙයි

මියගිය කොටි පැටවෙකුගේ සිරුරක් හමුවෙයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නල්ලතන්නිය වනජිවි කාර්යාල නිලධාරීන් සඳහන් කළේ තේ වත්තේ දුගඳක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කළ දැනුම්දීමක් මත කෙරුණු සොයා බැලීමකදී මෙම කොටි පැටවාගේ සිරුර සොයාගත් බවයි.

මියගොස් සිටි කදුකර කොටි පැටවා පිරිමි සතෙකු බවත් කොටින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් කොටියෙකු මිය යන්නට ඇති බවත් සැක කෙරෙනවා. මිය ගොස් ඇති කඳුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වනජිවී නිලධාරින් සඳහන් කළා.

මේ අතර තේ වත්තේ සැරිසරන කඳුකර කොටියන්, ගෝනුන්, මුවන්, වල් ඌරන් ඇතුළු සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා බගවන්තලාව ප්‍රදේශයේ වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අද බගවන්තලාව වැවිලිකරුවන්ගේ සමාජ ශාලාවේදී සිදු කරනු ලැබුවා.

මෙහිදී තේ වතුවල සේවය කරන ඇතැම් වතු කම්කරුවන් විසින් සතුන් දඩයම් කිරිම සඳහා අටවා ඇති උගුල් සහ මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරීවරුන්ගේ සහය ලබාදෙන ලෙස ද වනජීවි නිලධාරීන් වතු අධිකාරුවරුන්ගෙන් ඉල්ලා සිටියා.