― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපැලැන්වත්තේදී තරුණියකට පහර දුන් අයෙක් අත්අඩංගුවට

පැලැන්වත්තේදී තරුණියකට පහර දුන් අයෙක් අත්අඩංගුවට

පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණියකට අමානුෂික ආකාරයෙන් මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස ප්‍රහාරයට ලක්වූ තරුණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා. සැකකරු විසින් තරුණියට පහර දීමට යොදා ගත් මන්නය ද පොලිස් බාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණිය ඊයේ (27) සවස රැකියාව නිමවා නිවස කරා පැමිණෙමින් සිටියදී සැඟවී සිටි සැකකරු මන්නයක් රැගෙනවිත් තරුණියට අමානුෂික ලෙස පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු සහ පහර කෑ තරුණියගේ ඥාතීන් අතර ඇති වූ ගැටලුවක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බව ද සඳහන්.

සැකකරු දුරකථන සංඥා කුළුනක මුරකරුවෙකු ලෙස සේවය කරන අයෙක්. තරුණියට පහරදීමෙන් පසු සැකකරු සංඥා කුළුණට නැග ඇති අතර දැඩි පරිශ්‍රමයක්ද දරා ඔහු බිමට බස්සවා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගම්වාසීන් සැකකරුට පහර දීමට උත්සාහ දරා ඇතත් පොලිසිය උපක්‍රමශීලීව සැකකරු පොලිසිය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු කියාසිටියේ. සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.