30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා ටී 56 ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදු වූ අතර එම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනා මතයි ඊයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා මීගමුව දාගොන්න ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

ඔහු විසින් කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග ගමන් කර තිබෙනවා.

දැනට විදෙස් ගතව සිටින පුද්ගලයෙකු මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඔහු දුරකථනයෙන් සම්බන්ධ වී මෙම අපරාධය මෙහෙයවීමට සහාය දක්වා ඇති බවටයි දැනට සිදු කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.