― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය ආයතන දෙකක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන දෙකක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැදවීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පවසයි.

මේ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීන් ලබන 23 වැනිදාද, ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් 24 වැනිදාද කෝප් කමිටුවට කැදවනු ලැබේ.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවීමෙන් පසු එම කාරක සභාවට ආයතන කැදවෙන පළමු අවස්ථාව මෙය වේ.