― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපරාධකරුවන්ට හොර පාස්පෝට් හැදූ නිලධාරීන් දෙදෙනෙක් මාට්ටු

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හැදූ නිලධාරීන් දෙදෙනෙක් මාට්ටු

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් ගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියෙක් සහ නිලධාරිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හා සැකකාරිය නිවාසවල සඟවා තිබී තිබී  මෑත කාලයේ දී මෙරට විවිධ අපරාධ වලට සම්බන්ධ  ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්  ඡායාරූප ඇතුළත් කළ සකස් කරන ලද  ගුවන් ගමන් බලපත්‍ර 13 ජාතික හැඳුනුම්පත්  06 ක්  ,රාජ්‍ය ආරක්ෂක සහ නාගරික අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ  , රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ තනතුර ඇතුළත් රබර් මුද්‍රා , ජංගම දුරකථන 06 ක්,ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලුම් පත්‍ර සහ විවාහ සහ උප්පැන්න සහතික විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාරිය 54 හැවිරිදි වූ තැනැත්තියකි දෙදෙනාම අනුරාධපුර පදිංචිකරුවන් ය.