30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැලේරියාව යළි හිස ඔසවයි

මැලේරියාව යළි හිස ඔසවයි

මෙරට තුළ යළිත් මැලේරියාව හිස ඔසවමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 20 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර ඒ අතරට විදේශිකයින් තිදෙනෙකුද අයත් වන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

සෙසු 17දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර ඔවුන් රුවන්ඩාව, දකුණු සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව, සියරාලියෝන් හා ගිනියාව ආදී රටවල් වල සංචාරය කර පැමිණි අය ලෙස හඳුනාගෙන තිබේ.

මැලේරියා රෝගය පිළිබඳ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැය 24 පුරා දැනුවත් වීමට 071 – 284 1767 සහ 0117 626626 දුරකථන අංකවලට අමතන ලෙස ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම්දෙනු ලබයි.