28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුණු ගොඩකින් පිස්තෝලයක් හා උණ්ඩ හමුවෙයි

කුණු ගොඩකින් පිස්තෝලයක් හා උණ්ඩ හමුවෙයි

මොරටුව, ලුනාව ප්‍රදේශයේ කසළ ගොඩක තිබී ගිනි අවියක් හා උණ්ඩ තොගයක් හමු වූ බව පොලීසිය පවසයි.

විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට ලද තොරතුරක් මතයි මෙම මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල අවියක් සහ එයට යොදන උණ්ඩ 24ක් විසින් සොයාගෙන ඇත්තේ.

පොලිස් අධිකාරිවරයා විසින් එම ගිනි අවිය සහ උණ්ඩ මොරටුව පොලිසියට භාර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් මොරටුව පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම ගිනි අවිය 1988 වසරේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය විසින් ත්‍රිකුණාමලය කොට්ඨාසය වෙත භාර දී තිබෙන එකක් බවයි.