― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ ආරාධනයකට අනුවයි හිටපු ජනාධිපතිවරයා යාපනයට ගොස් ඇත්තේ.

ඔහු අද සිට පුරා දින තුනක් එහි රැඳී සිට විවිධ ප්‍රසිද්ධ උත්සව සහ රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා නල්ලූර් කන්දස්වාමි විහාරස්ථානයේ පොල් ගසා වන්දනාමාන කටයුතුවල නිරත වී තිබේ.