― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"නිසි ප්‍රතිකාර කළා නම් සක්සුරීන් තායිලන්තයට ගේන්න ඕනෙ නෑ"

“නිසි ප්‍රතිකාර කළා නම් සක්සුරීන් තායිලන්තයට ගේන්න ඕනෙ නෑ”

ශ්‍රී ලංකාවේ රෝගාතුරව සිටින තායි හස්තියෙකු වන සක්සුරීන් පිළිබඳව තායි පුවත්පතක් දැඩි විවේචනාත්මක අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ බොහෝ විහාරස්ථාන්වල වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැරේදී මෙම මෙම සක්සුරීන් නොහොත් ‘මුතුරාජා’ හස්තියා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ හිටපු තායිලන්ත තානාපති පොල්ඩෙජ් වොරාචට් පවසන පරිදි,

ලස්සන දිගු දළ යුගල සහ චරිතය නිසාම සක්සුරීන් සෑම වසරකම ශ්‍රී ලංකාවේ විවිධ විහාරස්ථානවල ඇසළ පෙරහැර 30කට අධික ප්‍රමාණයකට සහභාගී වෙනවා. සක්සුරීන් ඇතුළු අලි ඇතුන් තිදෙනෙකු තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇත්තේ දෙරට අතර පවතින මිත්‍රත්වය හේතුවෙනි.

මුලින්ම 1979 දී අලියෙක් ශ්‍රී ලංකාවට තෑගි කළ අතර පසුව සක්සුරීන් සහ ශ්‍රී නාරොං වසර 22 කට පසුව ලංකාවට එව්වා. මා කලින් සඳහන් කළ පරිදි පෙරහැර රාත්‍රී 8 ට ආරම්භ වී පසුදා අලුයම 2 ට අවසන් වන අතර එය දින හතක් පවතී. අලි ඇතුන් 150 ක් පමණ ඊට සහභාගී වෙනවා. මේ කාලය තුළ අලි ඇතුන්ට රාත්‍රී 8 සිට අලුයම 2 දක්වා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවෙනවා විතරක් නෙවෙයි අලංකාර ඇඳුම් ආයිත්තම් මෙන්ම විවිධ භාණ්ඩ රැසක් දරාගෙන ගමන් කරන්න වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින අලි ඇතුන්ට නිසි ප්‍රතිකාර ලබාදී ඇත්නම් ඔවුන් තායිලන්තයට ගෙන ඒමේ අවශ්‍යතාවක් නැහැ.” යනුවෙන් තානාපතිවරයා පවසා තිබේ.

රෝගාතුරව සිටින සක්සුරීන්ගේ හස්තියා නොබෝ දිනකින් ගුවන් යානයකින් තායිලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් පවතී.