30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය  අද (30) පළවිය.

බහුතර සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ඊට අනුමැතිය පළ කළහ.

විවිධ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මුදල් කාරක සභාව යම් යම් අවස්ථාවලදී උණුසුම් තත්ත්වයක් ගෙන තිබූ බව වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සම්මතයරජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද (30) සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ අනුමැතිය පළවිය.

එම රැස්වීමේ මුල් වටයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ  ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

කාරක සභාව   බැංකු ඇතුළු  අනෙකුත් මූල්‍ය  අරමුදල් සහ ආයතන හිමියන් සමඟ  දෙවැනි සාකච්ඡා වටය පැවැත්වීය.

මේ අනුව යෝජනා සම්මතය  සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව අනුමැතිය දුන්නේය

මේ සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය  ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස සහ   කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන්  ඇතුළු  පිරිසක් සහභාගී වූහ.