― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක් සොයා මෙහෙයුම්

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක් සොයා මෙහෙයුම්

කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකදී නින්ජා වෙස් ගත් කල්ලියක් විසින් ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් කොල්ලකා ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ත්‍රිරෝද රථ රියදුරෙකුට පවසා ඇත්තේ, ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයෙකු තමන්ට පහරදුන් බවයි. ඒ පන්නිපිටිය මහල්වරාව මංසන්ධිය ආසන්නයේදීය.

තමන් මාගම්මන ප්‍රදේශයේ පිහිටි නිවසට ඇරලවන ලෙසටයි, ඔහු එම ත්‍රිරෝද රථ රියදුරාට වැඩිදුරටත් පවසා ඇත්තේ. ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරා එම පුද්ගලයාව සිය රථයට නංවාගෙන ගොස් මාගම්මන ප්‍රදේශය අතුරු මාර්ගයක් වෙත ගමන් කිරීමේදී ඇතිවූ සැකයක් මත රථය නවතා ඇත.

ඒත් සමගම එහි පැමිණි ආයුද රැගත් කල්ලියක් ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඔහු සතුව තිබූ මුදලින් රුපියල් 2,500ක්, ජංගම දුරකථනය සහ ත්‍රිරෝද රථය රැගෙන පළාගොස් ඇත. අනතුරුව ත්‍රිරෝද රථ රියදුරා එම සිදුවීම සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම ත්‍රී රෝද රථ කොල්ලයෙන් පැය දෙකකට පමණ පසුව අදාළ ත්‍රිරෝද රථයෙන් ගමන්කළ සැකකරුවන් ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකා ඇත. එලෙස කොල්ලකා ඇත්තේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීමේ නිරත වෑන් රථයකි.

වෑන් රථයේ රියදුරු සිය මිතුරෙකු හමුවීම සඳහා ඉංගිරියට පැමිණි අවස්ථාවේදී අදාළ සැකකරුවන් විසින් වෑන් රථය හරස් කර එය කොල්ලකා පළාගොස් ඇත.

එහිදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති අතර එලෙස කොල්ලකන ලද වෑන් රථයද වීදියගොඩ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසියට හමුවී තිබේ. මෙම සිදුවීමත් සමඟ අදාළ කොල්ලකල්ලිය සොයා පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.