― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋතුරට ඩෙංගු අවධානමක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

උතුරට ඩෙංගු අවධානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ වසරේ ජුනි මාසය දක්වා උතුරු පළාතේ ඩෙංගු රෝගීන් 1834 දෙනෙකු හඳුනාගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.මෙහිදී යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1527 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙයි.

එමෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 64 දෙනෙකු, මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 66 දෙනෙකු, වව්නියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 107 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 70 දෙනෙකු ඩෙංගු රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙහිදී සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබුණේ ඩෙංගු රෝගයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ දරුවන් බවත් දෙමාපියන් තම දරුවන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්ය.

හැකි තාක් පරිසරය පිරිසිදු කර ගැනීම තුලින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කොට ඩෙංගු රෝගයෙන් අරක්ෂා වීමට කටයතු කරන මෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.