28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවෙයි

ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවෙයි

ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව පෙන්නුම් කරනවා.

එහි ජුනි මාසයේ උද්ධමනය 12%ක් දක්වා අඩු වී ඇති අතර මැයි මාසයේ උද්ධමනය පැවතියේ සියයට 25යි දශම 2ක් ලෙසයි.

මැයි මාසයේ 21.5% ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී 4.1%ක් දක්වා අඩු වී තිබෙනවා.

සහල් වල මිල, පොල්තෙල් රතු ලූනූ , ලොකු ලූණු වියළි මිරිස් සහ සීනි මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි පෙන්නුම් කරන්නේ.

එළවළු සහ පලතුරු කාණ්ඩයේද යම් මිල අඩු වීමක් පෙන්නුම් කළා. මැයි මාසයේ සියයට 27ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී 16.2%ක් දක්වා පහත වැටී තිබෙනවා.