― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස් වෙසින් ව්‍යාපාරික නිවසට කඩා වැදී රන් භාණ්ඩ සොරකම් කරලා

පොලිස් වෙසින් ව්‍යාපාරික නිවසට කඩා වැදී රන් භාණ්ඩ සොරකම් කරලා

පොලිස් නිලධාරීන් ලෙසින් හඳුන්වා නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව පවසා ලී මෝලක් හිමි කහතුඩුව ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඊයේ සවස කඩා වැදුණු තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ව්‍යාපාරික බිරිඳට සහ පුතුට පහරදී රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි

පැමිණි කොල්ලකරුවන් ඔවුන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බවට ව්‍යාපාරික බිරිඳට පවසා ඇත.කොල්ලය සිදුවන අවස්ථාවේදී ව්‍යාපාරිකයා නිවසින් බැහැරව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

නිවසේ පිටුපස දොර අසලට පැමින තිබූ කොල්ලකරුවන්” අපි ආවේ මත්කුඩු හොයන්න ඔයාලගේ රන් භාණ්ඩ තියෙනවා නම් අයින් කරගන්න යැයි පැවසීමත් සමඟ ම ව්‍යාපාරික බිරිඳ ඔහුන් අමතා පොලිස් හැඳුනුම්පත දෙන්න යැයි පැවසීමත් සමගම ඇයට එක් කොල්ලකරුවකු මුහුණට පහරදී නිවසට ඇතුළු වී තිබූ බව ඇති බව පොලිසිය කියයි

ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතු ජංගම දුරකථන රැගෙන නාන කාමරයට ගොස් සිය පියාට කතා කිරීමට උත්සාහ කිරීමේ දී එහි දොර කඩා පුතා එළියට ගත් කොල්ලකරුවෙක් ඔහුට පහර දී ජංගම දුරකථනය ද කොල්ලකා තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

කාමර තුනක තිබූ අල්මාරි 3 ම රෙදි පිලි අවුස්සා දමා අල්මාරියේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ සහ ව්‍යාපාරික බිරිඳ පැළඳ සිටි රන් මාලයද කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි

විනාඩි 15ක පමණ කාලයක් කොල්ලකරුවන් නිවස තුළ රැඳී සිට ඇති අතර කොල්ල කරුවන් යතුරුපැදිවලින් පැමිණ ඇති බවට මේ වෙනුවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කහතුඩුව පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වාගෙන යයි

මේ ආකාරයෙන්ම දින දෙකකට ඉහතදී පොලිස් වෙසින් යතුරුපැදිවලින් (පෙරේදා 29 )පැමිණ තිබූ සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මිල්ලනිය කැන්නන්තුඩාව ප්‍රදේශයේ පොලියට මුදල් ලබා දෙන පුද්ගලයකු පොලිස් නිලධාරීන් බව පවසා පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ල කා ගොස් තිබිණි