― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනම් දෙකකින් ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස වසර දෙකක් තිස්සේ පෙනීසිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

නම් දෙකකින් ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස වසර දෙකක් තිස්සේ පෙනීසිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව කොළඹ පාර ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළදීයි.

පොලිස් උපාය දූතයකු වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම සඳහා යොමුකර අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

සැකකරු විසින් dr.fonseka (mbbs) sri lanka , mcs d p ( london ) ලබාගත් බව සඳහන් නිල මුද්‍රා 2 ක් සහ sdc perera (Russia) යනුවෙන් සඳහන් ව්‍යාජ මිල මුද්‍රාවන් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කිසිම සුදුසුකමක් නොමැති පුද්ගලයකු බවත් මීට පෙර වෛද්‍යවරයකු යටතේ සේවය කර ඇති බව පමණක් බවත් ඔහු ව්‍යාජ ලෙස වසර දෙකක කාලයක් රෝගීන්ට ප්‍රතිකාර ලබාදී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඉලිප්පුන ආරච්චිගේ විශාක විශ්වජිත් පෙරේරා නැමැති සැකකරු නම් දෙකකින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

55 හැවිරිදි සැකකරු යාල කණුවන සහ කොළඹ 12 ආමර් වීදිය ස්ථිර පදිංචි කරුවෙකි.

සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි