― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62ක්.

අද පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුවයි ඡන්ද විමසීම පැවැත්වුණේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුව රැස් වූ අතර අදාළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුවයි පාර්ලිමේන්තුව අද දින පෙරවරු 9.30ට රැස් වුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සඳහන් කළේ මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් තුළ පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත නැවත වැඩි වීමේ අවදානමක් ඇති බව ද ඔහු සඳහන් කළා.

එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දෙනු ලැබුවා.