― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවනිඳුට ICCයෙන් දඩයක්

වනිඳුට ICCයෙන් දඩයක්

වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.

සුපිරි 06දෙනා තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර ඇති බව වාර්තා වෙයි.

එම තරගයේදී වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේදී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.එය චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවට තහවුරු වී ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ දෙවැනි වරද මෙය වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.