28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැකකරුවෙක් මාංචු සමඟ මහල් පහකින් බිමට පැන දිවි තොර කරගනී

සැකකරුවෙක් මාංචු සමඟ මහල් පහකින් බිමට පැන දිවි තොර කරගනී

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙක් කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලින් අත්විලංගු සමඟ බිමට පැන මියගොස් ඇති බව කොටහේන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 05, ශ්‍රී සිද්ධාර්ථ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සැකකරු ඉකුත් 29 වැනි දින වෙරලබඩ පොලිස්ථානය මඟින් හොරයින් මත්කුඩු  මිලිගෑම් 5010ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී තිබියදී තිබු අයෙක්.

සැකකරු අත්විලංගු සහිතව මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ කොරිඩෝව හරහා රැගෙන යමින් සිටියදී මෙලෙස බිමට පැන ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.