28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක් ?

සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක් ?

සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරනවා.

එහි පාලනයට ආණ්ඩු මැදිහත්වීමෙන් එම ව්‍යාපාරයට බලපෑමක් වන්නේ නම් රජය එහි සිටීම ඵලක් නොමැති බවයි වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ශක්තිමත් සංවිධාන ව්‍යුහයකින් ක්‍රියාත්මක වන සමූපකාර ව්‍යාපාරයේ හිමිකම් වෙන්කරන ආකාරය පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අග්‍රාමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන් මේ සම්බන්ධව ඉදිරියේ දී තීන්දුවක් ගන්නා බව ද ඔහු කියා සිටියා.