― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව ජල සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක්

නව ජල සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක්

නව ජල සම්බන්ධතා ලබා ගැනීමේ දී අය කෙරෙන සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ජල පාරිභෝගිකයින්ට නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් මෙම ක්‍රමය හඳුන්වාදීමට තීරණය කළ බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති ඇතැම් පාරිභෝගිකයන්ට ජල සම්බන්ධතාව ලබාගැනීම ප්‍රමාද වී ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටියා.

ඒ, අනුව මෙම පහසු ගෙවීමේ ක්‍රමවේදය ලබන සතිය තුළ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.