සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල මෙන්ම මූලික රෝහල් හා දිසා රෝහල් වල පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින් වන විශේෂ සමුළුවක් පසුගියදා (30) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ වෛද්‍ය පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
මෙහිදී ප්‍රධාන රෝහල් මෙන්ම ප්‍රාදේශීය රෝහල් වල පවතින වෛද්‍ය , හෙද ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල හිඟතාවය . බන්ධනාගාර රෝහල්වල වෛද්‍යවරුන්ගේ , හෙදියන්ගේ හිගතාවයට වෛද්‍යවරුන් ,හෙදියන් අනුයුක්ත කිරීම . රෝහල් හා සෞඛ්‍ය ආයතනය වල තිබෙන ගොඩනැගිලි නඩත්තුව සදහා තාක්ෂණික නිළධාරීන් බදවා ගැනීම . පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් කළමණාකරණය කරමින් ගැටලු විසඳීම. ස්වස්ථා නව දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් නිමකර එය සේවාවට එක්කර ගැනීම . ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමට ගතයුතු ක්‍රමවේදයන් හා මදුරු ව්‍යාප්තිය හදුනාගෙන එය පාලනයට පියවර ගැනීම . බහුකාර්ය සහයකයින් සෞඛ්‍ය කාර්ය සහයක ලෙස රෝහල් සදහා බඳවා ගැනීමට ගත යුතු පියවර .
මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය පිළිබඳව ගත යුතු ඉදිරි පියවරයන් . ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම . රෝහල් වල තිබෙන MRI , CT SCAN ඇතුලු වෛද්‍ය උපකරණ වල පවතින ගැටලු නිරාකරණය කර කඩිනමින් රෝගී සත්කාර සේවාවට එක් කිරීම . විදේශීය රටවල පුහුණුව සඳහා සහ රැකියාවන් සදහා යන වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට ඇති හැකියාව පිළිබඳව . රෝහල් වල විදුලි , ජල බිල්පත් ගෙවීම් පිළිබඳව . බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය සඳහා ජනතාව දැනුවත් කිරීම රෝගීන් හඳුනාගැනීමේ වැඩසටහන් දියත් කිරීම හා පැවැත්වෙන වැඩසටහන් ක්‍රමවත් කිරීමට කාර්ය මණ්ඩල යෙදවීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අතර එම ගැටලු වලට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම්ද ඇතැම් ගැටලු සඳහා ස්ථීර විසඳුම්ද මෙහිදී තීරණය කෙරිණි.
ගැටලු සඳහා ලබාගත් විසඳම්වල ප්‍රගතිය ඉදිරි රැස්වීමේදී අවදානයට ගැනීමට නියමිතය .
තෙමසකට වරක් පැවැත්වෙන මෙම විශේෂ සමුළුව සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, රෝහල් අධ්යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්,ඇතුළු විවිධ ආයතන අධ්යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරිවරුන් , ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් , ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහභාගී වූහ.