― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙරහැර රාජකාරියට අනුයුක්තව සිටි කොස්තාපල් නවාතැනේදී දිවිය හැරයයි

පෙරහැර රාජකාරියට අනුයුක්තව සිටි කොස්තාපල් නවාතැනේදී දිවිය හැරයයි

කතරගම පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා අනුයුක්තව සිටි බෙන්තොට පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය 2 දා සවස නවාතැන් ගෙන සිටි විහාරස්ථානයේදී ගෙල වැලළාගෙන මිය ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කරගහ උල්පත, මැදවල, උඩුපිල ලිපිනයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම කොස්තාපල් වරයා මීට සතියකට පමණ පෙර බෙන්තොට පොලිසියේ සිට විශේෂ රාජකාරි සඳහා කතරගම පොලිසියට අනුයුක්ත කොට කතරගම ගම් උදා පාරේ ශ්‍රී බෝධි රාජ විහාරස්ථානයේ නවාතැන් ගෙන සිටි බව කතරගම පොලිසිය කියයි. මොහු පසුගිය ජූලි මස 2 දින සවස විහාරස්ථානය අසල වෙළඳසැලකින් ලනුවක්ද මිලට ගෙන ඇති අතර පසුව සිව්රක් යොදාගෙන ගෙල වැලළාගෙන ඇති බවත් පෙම් පලහිලව්වක් මීට හේතුව වී ඇති බවට සැක කෙරෙන බවත් පොලිසිය පවසයි.

විහාරස්ථානයේ ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලේ පළමු තට්ටුවේ තිබූ ආවරණය නොවූ කම්බියක සිව්ර ගැට ගසා ගෙල වැලළාගෙන ඇති අතර එය වෙනත් අයෙකුට පෙනෙන පරිදි තම ජංගම දුරකථනයෙන් වීඩියෝ වන අන්දමින් සකස් කොට තිබූ බව පොලිසිය පවසයි.