― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිඟ බදු නොගෙවුවොත් බලපත්‍ර අහෝසියි

හිඟ බදු නොගෙවුවොත් බලපත්‍ර අහෝසියි

බදු ගෙවීම පැහැර හැර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයක් අදාළ හිඟ බදු මුදල් ගෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ සමාගම් විසින් රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලක් ගෙවීමට තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ දැනුම් දුන්නේ දින 14ක කාලයක් තුළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කරන ලෙසයි.

පාර්ශ්ව රැසකගෙන් එල්ල වූ බලපෑම් හමුවේ අදාළ සමාගම්වලින් හිඟ බදු මුදල් අයකර ගැනීමට දින 14ක අවසාන නිවේදනයක් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබුවා. ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපය තුළ බදු ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස හිඟ බදු මුදල් ගෙවීම සඳහා එම සමාගම්වලට කඩිනමින් විධිමත් සැලස්මක් හඳුන්වාදීමට ද කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම හිඟ බදු මුදල් ගෙවීම අපොහොසත් වන සමාගම්වල බලපත්‍රය අහෝසි කිරීමට සිදුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.