23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබුණි.

අයවැය සඳහා වෙන්කර තිබුණ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ලංකාවට මෙලෙස හිමිව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.