― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිල් මැණික් ලබාගෙන අගරු චෙක්පත් දුන් මැණික් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

නිල් මැණික් ලබාගෙන අගරු චෙක්පත් දුන් මැණික් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනා නිල් මැණික්  ගල් 10 ක් ලබාගෙන අගරු චෙක්පත් ලබා දුන් බව කියන මැණික් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව  කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය පවසනවා.

බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් සිදුකරණ ලද පැමිණිලි දෙකකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ව්‍යාපාරිකයා මීට මාස දහයකට පමණ ඉහත දී පැමිණිලිකාර බේරුවල ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල්  33 ලක්ෂ 13000/=  වටිනා නිල් මැණික් ගල්  නවයක් ලබාගෙන ඒ වෙනුවෙන් චෙක්පත් ලබාදී තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එයාකාරයෙන්ම එම ප්‍රදේශයේම තවත් මැණික් ව්‍යාපාරිකයකුගෙන්  රුපියල් 13 ලක්ෂ 50000/= වටිනා නිල් මැණිකක් ලබාගෙන ඒ වෙනුවෙන් ද  චෙක්පත් ලබාදී තිබු බව පොලිසිය පවසනවා.

සැකකාර ව්‍යාපාරිකයා  මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනාට වෙත ලබාදී තිබූ චෙක්පත් 8  එම ව්‍යාපාරිකයන් විසින් බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඒව අගරු චෙක්පත් බවට අනාවරණය වී තිබූ බව පොලිසිය පවසනවා.

මැණික් ව්‍යාපාරිකයන් ඒ සම්බන්ධව සැකකරුව දැනුම්වත් කර තිබූ අතර  මුදල්  ලබා දීමට කිසිදු උත්සාහයක් නොගත් බැවින් පැමිණිල්ල කර තිබූ බව පොලිසිය පවසනවා.

අදාළ පැමිණිල්ල අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය ජාඇල ඒකල ප්‍රදේශයේ 39 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයා ව පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් , තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක උදය කුමාර , උප පොලිස් පරීක්ෂක වික්‍රමරත්න පොලිස් සැරයන් 41080 කරුණාරත්න පොලිස් කොස්තාපල් 8500විතාන ,කාන්තා පොලිස් කොස්තාපල් 9833 හේවගේ මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.