― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර අද (05) උදෑසන දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු සඳහන් කළේ.

නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 1520 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර එය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබෙනවා.

දුම්රිය පීලිපැනීමත් සමඟ දුම්රියෙන් ගමන්කරන මගීන් කොටගල සිට නානුඔය දක්වා බස් රථවලින් ප්‍රවාහනය කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වූණේ.