28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රී පුතු බියගන්වා බම්බලපිටියේදී සේසතම කොල්ල කාලා

මන්ත්‍රී පුතු බියගන්වා බම්බලපිටියේදී සේසතම කොල්ල කාලා

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත්‍රයා වන නීතිඥ කවීන් ජයසේකරගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 160,000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මොහු තම පෙම්වතිය සමඟ බම්බලපිටිය ප්‍රදේශයේදී මෝටර් රථය තුළ කතාබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයෙකු මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොමැති බව පැවැසීමෙන් පසු ඉනේ ගසාගෙන තිබූ උල්පිිහියක් එළියට ඇද මන්ත්‍රී පුත්‍රයාගේ ගෙලට තබා තර්ජනය කර තිබේ.

අනතුරුව ඔහු මුදල් පසුම්බිය පැහැරගෙන එහි තිබූ සුදු රත්තරන් මාලය සහ මෝටර් රථය තුළ තිබූ රුපියල් 3000ක මුදලක් පැහැරගෙන ගොස් තිබෙනවා.

ආරක්ෂක කැමරා මඟින් කොල්ලකරුව හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.