― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුතුරාජා යළි ලංකාවට දෙන්නේ නැහැ - තායි පරිසර ඇමති

මුතුරාජා යළි ලංකාවට දෙන්නේ නැහැ – තායි පරිසර ඇමති

දැඩි කතාබහට ලක්වූ මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බවට තායිලන්තයේ පරිසර අමාත්‍ය වර්වුට් ශිල්පාචා ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් මුතුරාජා සුව වූ පසු යළි ගෙන්වා ගන්න බවට සිදු කළ ඇති ප්‍රකාශය සාකච්ඡාවට බඳුන් නොකළ යුතු කාරණයක් බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වූයේ.

ඇසේ සුද පැමිණීම, ඉදිරිපස වම් පාදය නැමිය නොහැකි වීම, උකුල් ප්‍රදේශයේ තුවාල පැවතීම, නියපොතුවල සහ පාද හතරේම ඇතැම් ගැටලු පැවතීම වැනි තත්ත්වයන් මේ වනවිට තායිලන්තයේ පශු වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වුවද එම හස්තිය යළි ශ්‍රී ලංකාවට එවීමේ ඉඩකඩ ඉතා සීමිත වන බවයි වාර්තා වන්නේ.