― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇසේ ශල්‍යකර්මයකට පසු දෙදරු මවක් ජීවිතක්ෂයට

ඇසේ ශල්‍යකර්මයකට පසු දෙදරු මවක් ජීවිතක්ෂයට

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍යකර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍යකර්මයෙන් පසු සිහිය නොලබාම මියගිය පුවතක් වාර්තා වනවා.

මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍යකර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා (04) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පවසා තිබේ. එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍යකර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ (05) ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.

පවුලේ ඥාතීහු පවසන්නේ එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇති බවයි. ශල්‍යකර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීන් සැක පලකරයි.