― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsග්‍රෑන්ඩ්පාස් හිදී මනුෂ්‍ය ඝාතනයක්

ග්‍රෑන්ඩ්පාස් හිදී මනුෂ්‍ය ඝාතනයක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඊයේ (05) ඝාතනය කර තිබේ..

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වූ වැල්ලම්පිටිය, වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙලෙස මියගිය පුද්ගලයා නාගලම් වීදියේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පසුපස ලුහුබැඳ පහරදීමට උත්සාහ කර ඇති අතර ඉන් බේරීම සඳහා ඔහු ඒ අසල ඇති වෙළෙඳසලක් තුළට දිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පිරිස තියුණු ආයුධවලින් මොහුට පහරදීමෙන් පසු පලාගොස් ඇති බවයි.

මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.