27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට වරායන් සංවර්ධනයට බෙල්ජියමෙන් තාක්ෂණික සහය

මෙරට වරායන් සංවර්ධනයට බෙල්ජියමෙන් තාක්ෂණික සහය

ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය යුරෝපීය නවීන තාක්ෂණය ලබාදීමට බෙල්ජියම් තානාපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් අනුවයි එම එකඟතාවය පළ කළ ඇත්තේ.

ඒ අනුව මෙහෙයුම් කටයුතු සඳහා යුරෝපීය නව තාක්ෂණය උපයෝගී කර ගන්නා බවත් එම තාක්ෂණය කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය සහය ලබා දීමටත් තානාපතිවරයා සිය කැමැත්ත පළ කර තිබේ.

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සහ එම සංවර්ධන කටයුතු සඳහා බෙල්ජියානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ අවස්ථා ලබාදීමට හැකි බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.