කොළඹ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී , තියුණු ආයුධයකින් පහරදී ඉන්දියානු ජාතිකයෙකු ඝාතනය කර තිබේ.
ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. ඔහු අවන්හලක සේවය කරන 28 හැවිරිදි තරුණයෙකි.
පහර දීමට සම්බන්ධ ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.