2023 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහිනියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා සඳහන් කළේ වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
මෙම වසර අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විශ්වාස කරන බවත් එම සංඛ්‍යාලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒවා පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.


