මේ වසරේ මුල් මාස හය තුළ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් ශ්‍රී ලංකාවට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
ජූනි මාසයේදී නිල ගිණුම හරහා සේවක ප්‍රේෂණ ඩොලර් මිලියන 476 කි. එය 2022 ජුනි මාසයේදී ඩොලර් මිලියන 274.3 කි.
මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 479.7ක ප්‍රේෂණ ලැබී තිබේ.