― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුත්තලමේ මාරක රිය අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

පුත්තලමේ මාරක රිය අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ඊයේ (14) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරමින් සිටි සේවකයින් දෙදෙනෙකි. පුත්තලම සිට අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති අනතුරුව මාර්ගයේ ගමන් කරමින් තිබූ වෙනත් යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

අනතුරට සම්බන්ධ වෑන් රථය සහ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.