27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටවිල මැදකොටවිල තැපැල් ස්ථානාධිපතිනියට මිරිස්කුඩු ප්‍රහාරයක්

කොටවිල මැදකොටවිල තැපැල් ස්ථානාධිපතිනියට මිරිස්කුඩු ප්‍රහාරයක්

කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ මුදල් පැහැර ගැනීමෙි තැත වැරදී සැකකරු පලාගොස් ඇතැයි කොටවිල පොලිසිය කියයි.

මුහුණු ආවරණය කොට යතුරුපැදියකින් මැද කොටවිල තැපැල් කාර්යාලයට ආ සැකකරු කිසියම් ⁣දෙයක් පිළිබඳ තොරතුරු විමසන මුවාවෙන්   තැපැල් ස්ථානාධිපතිනියගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ඇති පොලිසිය කියයි.

ඉන්පසු සැකකරු තැපැල් කාර්යාලය ඇතුළු වී එහි තිබූ මුදල් පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි. එම අවස්ථාවේදී තැපැල් ස්ථානාධිපතිනියගේ දක්ෂතාවය මත ඔහු සමඟ පොරබදා මුදල් පසුම්බිය රැක ගැනීමට සමත්ව තිබේ.

එය රුපියල් හැට දහසකට ආසන්න බව පැවසේ. පසුව සැකකරු යතුරුපැදියකින් පලා ගොස් ඇතැයි සදහන්වේ.

තැපල් ස්ථානාධිපතිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර කොටවිල පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.