25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ දවාලේ කරන්න ගිය රත්‍තරන් කොල්ලයක් වරදී

මහ දවාලේ කරන්න ගිය රත්‍තරන් කොල්ලයක් වරදී

ගල්ගමුව නගරයේ ස්වර්ණාභරන අලෙවිසැලක් කොල්ලකෑමේ උත්සාහයක් ව්‍යර්ත වී තිබෙනවා.

අද දහවල් 12ට පමණ ස්වර්ණාභරණ අලෙවිසැලට ඇතුලු වූ අයෙකු එහි සිටි පිරිසට ගිනි අවියක් සහ පිහියක් පෙන්වා රන් ආභරණ කොල්ලකෑමට උත්සාහ කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ එහි සිටි කාන්තාව කළ කෑ ගැසීම හේතුවෙන් ඇය ගෙළ බැඳි රන් මාලය කඩා ගැනීමට පැමිණි පුද්ගලයා උත්සාහ කර තිබෙනවා.

එය ද ව්‍යර්ථ වීම හේතුවෙන් කොල්ලකරු ස්වර්ණාභරණ අලෙවි සැලේ පිටුපස දොරින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කලු පැහැති ජැකට් එකක් හැඳ සිටි සැකකරුගේ උරහිසේ බෑගයක් ද තිබූ බව ස්වර්ණාභරණ අලෙවිසැලේ සිටි පිරිස ප්‍රකාශකර තිබෙනවා.

පිටුපස දොරින් පළාගිය පුද්ගලයා නිවෙස් අතරින් ගල්ගමුව නගරයේ කෝවිල දෙසට දිවගිය බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.

අනතුරුව පොලිසිය කළ සොයා බැලීමේදී සැකකරු පැළඳ සිටි ජැකට් එක සහ රැගෙන ආ බෑගය කෝවිල අසල දමාගොස් තිබියදී සොයා ගැනුණා.

එම බෑගය තුළ තිබූ බස් රථ ප්‍රවේශ පත්‍ර ඇතුලු කරුණු ඔස්සේ කොල්ලකෑමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගැනීමටයි ගල්ගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.