― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපිරිමි ළමයින් දෙදෙනෙකු හදි කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

පිරිමි ළමයින් දෙදෙනෙකු හදි කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 16ක සහ 18ක පිරිමි ළමයින් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන චීවරධාරියෙකුව රිදීගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීගම – පිහිඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ චීවරධාරියෙක්.

පිහිඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් පිරිමි දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරන බවට කිසියම් අයෙකු නිර්නාමිකව වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා.

අපයෝජනයට ලක් වන බව කියන දරුවන් දෙදෙනාගේ නම් ද එම ලිපිය ඔස්සේ හෙළිකර තිබෙනවා.

එම ලිපියේ සදහන් කරුණු පිළිබව සොයා බලා විමර්ශණයක් සිදු කරන ලෙසටයි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රිදීගම පොලිසියට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඇති රිදීගම පොලිසියේ නිලධාරීන් ලිපියේ නම් සඳහන් පිරිමි දරුවන් දෙදෙනා සහ සිද්ධියට සම්බන්ධ බව කියන හිමි නම කැඳවා තොරතුරු ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිර්ණාමික ලිපිය යවා ඇත්තේ ද සිද්ධියට මුහුණ දී ඇති පිරිමි ළමයින් දෙදෙනා විසින් බවයි.

2019 වසරේදී දහම් පාසලට සහභාගී වීමට පැමිණි අවස්ථාවක එක් දරුවෙකුට සහ පසුගිය ජූනි මස 02 වනදා අනෙක් පිරිමි දරුවාට ද හිමිනම විසින් ලිංගික අතවර සිදු කර ඇති බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අනතුරුව පිරිමි ළමයින් දෙදෙනාගේ ප්‍රකාශයන්ට අනුව සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමටයි රිදීගම පොලිසිය කටයුතු කර ඇත්තේ.

අතවරයට පත්වූ බව කියන පිරිමි දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ද පොලිසිය කටයුතු කර තිබෙනවා.