― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාන්තාවන් සහ ළමුන් සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කළොත් දැඩි දඩුවම්

කාන්තාවන් සහ ළමුන් සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කළොත් දැඩි දඩුවම්

ළමුන් සහ කාන්තාවන් හිංසනයට පත් කිරීම හෝ එවැනි ආකාරයේ සිදුවීම් සමාජ මාධ්‍ය වෙත එක් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එවැනි වරදවල් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට අවම වශයෙන් බරපතල වැඩ සහිතව හෝ රහිතව වසර 2ක සිර දඩුවම් නියමවන බවයි.

එමෙන්ම දඩයක් පැනවීම ද සිදු කෙරෙන අතර අදාළ දඩුවම් නියම කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

කාන්තාවන් සහ ළමුන්ට හිංසන වන ආකාරයේ ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කටයුත්තක් වන අතර කිසියම් අයෙකු ඒවා සමාජගත කරන්නේ නම් ඔහු සිදු කරනු ලබන්නේ බරපතල වරදක් බව නිහාල් තල්දූව මහතා අවධාරණය කළා.

නවගමුව ප්‍රදේශයේදී චීවරධාරියෙකු සම්බන්ධ සිදුවීමේදී ද අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත එක් කිරීම බරපතල වරදක් වන බැවින් ඊට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.