― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදිමුත්ට ආබාධයක් – අද පැවැත්වෙන අවසන් මහා තරගයත් අහිමිවෙයි

දිමුත්ට ආබාධයක් – අද පැවැත්වෙන අවසන් මහා තරගයත් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට නෙදර්ලන්ත කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් අද තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

දිමුත් වෙනුවට පසුගිය තරගයට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි. මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වන තරගය පැවැත්වෙන්නේ හරාරේහිදීයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගී වූ සියලූ තරග ජය ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ වසර 44කට පසුවයි.