26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපතුරම් ළඟ තබාගත් සිසුවෙක් පොලිසියට කොටුවෙයි

පතුරම් ළඟ තබාගත් සිසුවෙක් පොලිසියට කොටුවෙයි

ගිනි අවි වලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරුපහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම තරු පහේ හෝටලයේ පිහිටි ආයතනයක පවත්වාගෙන යන අරක්කැමි පාඨමාලාවක් හදාරන සිසුවකු වේ.

ඔහුගේ ගමන් බෑගයේ තිබී m16 වර්ගයේ ජීව උණ්ඩයක් සහ වර්ගය නොදන්නා ගිනි අවිය එක හිස් කොපුවක් ද තිබී සොයාගෙන තිබෙනවා.

අද (09) සැකකරු අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.