― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහනුවර වාහන තදබදය අඩු කරන්න GPS තාක්ෂණය

මහනුවර වාහන තදබදය අඩු කරන්න GPS තාක්ෂණය

මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පුද්ගලික බස් රථ G.P.S. තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව යටතේ තීරණය වී තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දුර ගමන් සේවා නොවන බස් රථ රැසක් සිය ගමන් වාරය ආරම්භ කර නගර සීමාව පසුවන තෙක් මන්දගාමීව ධාවනය වන බවට ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව G.P.S. උපාංග භාවිතා කරමින් බස් රථ විධිමත්ව නිරීක්ෂණය කර තදබදය පාලනය කිරීමේ වැඩසටහන ඉදිරියේදී සැලැසුම් කිරීමට නියමිතයි.

මහනුවර නගරය සංවර්ධන කිරීමේ විශේෂ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමු වී තිබෙනවා.

ඒ යටතේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහනුවර නගර සංවර්ධන කමිටුවක් පිහිටුවා ඇති අතර නගරයේ සංවර්ධන කටයුතු පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවේ කාර්යයක් වනවා.

එම කමිටුවේ විශේෂ රැස්වීමක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී වාහන තදබදයට හේතු වන පුද්ගලික බස් රථ පාලනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය, මහනුවර මූලස්ථාන පොලිසිය හා එක්ව අදාළ පුද්ගලික බස් රථ නිරීක්ෂණ කර තදබදය පාලනය කිරීමට එකඟ වී තිබෙනවා.

මහනුවර මාර්ග දෙපස වාහන ගාල් කිරීම සීමා කිරීම, අමතර රථ ගාල් යෙදවීම ඇතුලු යෝජනා කිහිපයක් ද කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලෝක බැංකු අරමුදල් යටතේ මධ්‍යම පළාතේ ඇතැම් පුද්ගලික බස් රථ සඳහා G.P.S. උපාංග සවි කර ඇති බවත් දැනට එම උපාංග නොමැති බස් රථ සඳහා උපාංග සවිකරන ලෙසට දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.